2021 නව අවුරුදු උදාව සහ ප්‍රථම රාජකාරි දිනය උත්සවාකාරයෙන් සැමරේ.

2021 සිංහල දමිල අලුත් අවුරුදු උදාව සහ නව වසරේ ප්‍රථම රාජකාරි දිනය සංකේතාත්මකව සැමරීමේ සම්ප්‍රදායික චාම් උත්සවයක් රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිනිය සහ එහි අධ්‍යක්ෂ මේජර් ජනරාල් ප්‍රතාප් තිලකරත්න (විශ්‍රාමික) ඇතුළු ,කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරීන්ගේ සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ගෙ සහභාගීත්වයෙන් 2021අප්‍රෙල් මස 19 වන දින රණවිරු සේවා අධිකාරි මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ. චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීම හා ජීවිත පූජා කල රණවිරුවන් සිහිකරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයකින් පසුව අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් පිළියෙළ කරනු ලැබූ නව අවුරුදු කෑම මේසයක් සියලුම දෙනාහට පිළිගැන්වීමට කටයුතු කරන ලදී. මෙහිදී රණවිරු සේවා අධිකාරියේ රාජකාරි සිදු කරනු ලබන කාර්යමණ්ඩලය වෙතින් අලුත් අවුරුදු විශේෂ වැඩසටහනක් සූදානම් කර තිබූ අතර එහිදී විවිධ නාට්‍යයන්, ගීත ගැයීම් ඇතුළු සතුට දනවන අංගයන් කිහිපයකින් සමන්විත වන ලදී. සමාරම්භක උත්සවයේ දී වැඩබලන සභාපතිතුමිය විසින් 2021 වර්ෂය තුල රණවිරු සේවා අධිකාරියේ ඉලක්කයන් මුදුන්පත් කර ගැනීම සඳහා කටයුතු කළ ආකාරය ඇතුළත් හරවත් දේශනයක් ද සිදු කරන ලදී. එහිදී, රණවිරු සේවා අධිකාරිය සමස්ත රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය උදෙසා සපුරාලිය යුතු ඉලක්ක පිළිබඳව ද වැඩබලන සභාපති තුමිය විසින් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.