ගලිගමුව රණවිරු පවුල් සඳහා ව්‍යවසායකත්වට අත්වැලක්....
ත්‍රිවිධ හමුදාවේ මානව සම්පත දැයේ සංවර්ධන කාර්ය්ය සඳහා යොදා ගැනීමේ අරමුණෙන් රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති සංවර්ධන අංශයේ තවත් එක් වැඩමුළුවක් වශයෙන් මී මැසි පාලනය සම්බන්ධව පුහුණු වැඩමුළුවක් 2021 අප්‍රේල් මස 22 වන දින කෘෂි කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙ අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් රනක්ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් 33 න් දෙනෙකුගේ සහභාගීත්වයෙන් කෑගල්ල ගලිගමුව සතිපට්ඨාන විහාර භූමියේ දී පවත්වන ලදී.
මේ සදහා බිගු සම්පත් සුරැකීමේ සංවිධානයේ සභාපති මහින්ද විජේසිංහ මහතා සහ එම කාර්යය මණ්ඩලය විසින් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දෙන ලදී.
මී මැසි පාලනය සහ ඒ ආශ්රිත ආර්ථික උපාය මාර්ගික සැලසුම් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම මෙම වැඩමුළුව තුළදී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ අධීක්ෂණ නිලධාරී මේජර් රොහාන් පෙරේරාගෙ පූර්ණ අධික්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා අධිකාරියේ කාර්ය මණ්ඩල නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගි වන ලදී.