ශ්‍රී ලාංකික රණවිරුවන්ට මව්බිමේ උත්තමාචාරය....

මව්බිම රුහිරෙන් හා කඳුළින් තෙමූ රුදුරු ත්‍රස්ත වියරුව වනසා දේශය එක්සේසත් කළ මාතෘභූමියේ නිදහස උදෙසා ඇස්, ඉස්, මස්, ලේ මතු නොව සිය අමිල දිවි කුසුම පූජා කළ දේශයේ සුජාත පුත්‍රයන් අනුස්මරණය කරනු වස් ජාතික රණවිරු සැමරුම 2021 මැයි මස 19 වැනි දින පස්වරු 4.15 ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පස්වන විධායක ජනාධිපති සහ වත්මන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වේ.

රණවිරු සේවා අධිකාරිය