විරු දරු කැලට අභිමානයක් වුණු අම්පාරෙන් බිහිවුණු Mr Sri Lanka ජාත්‍යන්තරය ද දිනයි....

2021 වර්ෂයේ අප්‍රේල් මස 17 වන දින රටවල් 15 ක පමණ තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් තුර්කියෙහි පැවැති Future Fashion Faces World Grand Prix Supreme - 2021 තරඟාවලියේ දී ප්‍රථම වතාවට ආසියාතිකයකු ලෙස ග්‍රෝන් පී සුපීම් සම්මානය ලබා ප්‍රථමස්ථානය ලබාගැනීම ට E. දිලිප් මධුෂාන් හට හැකි වී ඇත. අම්පාර දිස්ත්‍රික්කයෙහි උහන රණවිරු සංසදයෙහි ඊ.ගුණරත්න ( S /500128) , අංක 78 /ඒ, වෑරැන්කැටගොඩ, අම්පාර යන ලිපිනෙහි පදිංචි පළවන විජයබාහු රෙජිමේන්තුව ට අයත් විශ්‍රාමික ආබාධිත රණවිරු මහතාගේ වැඩිමහල් පුතණුවන් වන ඊ . දිලීප් මදුශාන් 2019 වර්ෂයේ දී ලංකාවෙහි පැවැති MR Sri Lanka තරඟාවලියේ දී ප්‍රථමස්ථානය ලබා ගැනීම ට සමත් විය. කොරෝනා අවදානම නිසා 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය පසුගිය අප්‍රේල් මස 8 වැනි දා සිට 17 වැනිදා දක්වා තුර්කියේදී පවත්වනු ලැබීය. ග්‍රොන් ප්‍රී සුප්‍රීම් සම්මානය දිනූ පලමු ආසියාතිකයා වශයෙන් සම්මාන ලැබීමට දිලීප මදුශාන්ට හැකි විය. මීට ඉහතදී රුසියාව, තුර්කිය, ඇල්ජීරියාව කෙන්යාව ගැම්බියාව ආදී රටවලින් මෙම ශූරතාවය හිමි කරගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ වෑරැන්කැටගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති දිලීප් මදුශාන්, අම්පාර ඩී.එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. පලවන විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියෙහි නිරතව සිටිය දී බිම් බෝම්බයකට අසු වීමෙන් තම දකුණු පාදය අහිමි වූ උහන රණවිරු සංසදයේ සාමාජික E ගුණරත්න මහතාගෙ වැඩිමහල් පුත්‍රයා ද ඔහුය. රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති තුමිය, අධ්‍යක්ෂක තුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්.