විශ්‍රාමික සැරයන්ට රෝදපුටුවක්

4 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව, 1991 වසරේ අකුනු පහර ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදී වෙඩි පහරකට ලක්ව දෙපා අප්‍රාණිකව රෝද පුටුවකට සීමා වී ජීවත්වන විශ්‍රාමික රණවිරු සැරයන් W.M කරුණාරත්න බණ්ඩා විසින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඔහු හට රෝදපුටුවක් ලබාදීමට කටයුතු කරන ලදී. වර්තමාන සංචරණ සීමා මධ්‍යයේ වුවද ඔහුගේ මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පදිංචි නිවසටම ගොස් ඉල්ලීම සිදු කර පැය විසි හතරක් යන්නටත් මත්තෙන් රෝද පුටුවක් ලබාදීමට රණවිරු සේවා අධිකාරිය විසින් කටයුතු කරන ලදී.