කාබනික පොහොර නිෂ්පාදනයට අත්වැලක්....

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් වල සාමාජිකයන් ගේ දායකත්වය ලබා ගනිමින් ජාතික හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් සම්බන්ධ කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් වෙනුවෙන් මූලික සාකච්ඡා වටයක් 2021 ජූනි මස 16 වන දින රණවිරු සේවා අධිකාරියේ දී පවත්වන ලදී. මෙහිදී එක් ලක්ෂ පනස්හත් දාහකට ආසන්න රණවිරු සේවා අධිකාරියේ සේවා ලාභීන්ගෙගෙන්% ක සාමාජික සහභාගිත්වය ඉලක්ක කරගනිමින්, පවුල් 1500 ක ආරම්භක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය කෙටිකාලීනව දියත් කිරීමට සැලසුම් සකස් කරන ලදී. මෙහිදී රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභි පවුල් වල දිවයිනේ ප්‍රධාන පළාත් 7ක දැනට ජීවත්ව සිටින රණවිරුවන් 500කට ආසන්න ප්‍රමාණයක් වාණිජමය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු කිරීම සඳහා වන මූලික සැලසුම් සාකච්ඡාවට භාජනය කරන ලදී. රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිණිය, අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න සහ හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිත, විජිත් වැලිකල මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද සහභාගි වන ලදී.