ක්ෂේත්‍ර නිලධාරී පුහුණු වැඩමුළුවක් ඇරඹේ...

රණවිරු සේවා අධිකාරිය මගින් අපේක්ෂිත කාර්යභාරය සහ ප්‍රතිඵල ඵලදායී සහ කාර්යක්ෂම ලෙසින් ලඟාකර ගැනීම සඳහා ක්ෂේත්‍ර රාජකාරි සඳහා සම්බන්ධ වන දිස්ත්‍රික් නිලධාරීන් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් 2021 ජූනි මස 14 වැනි සඳුදා දින සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ආරම්භ කරන ලදී. රණවිරු සේවා අධිකාරියේ නියෝජනය කරන නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සහ සම්පත් දායකයින්ගේ මගපෙන්වීම යටතේ මාසයක කාලයක් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත මෙම වැඩ සටහනේ මූලික අරමුණ වන්නේ දිස්ත්‍රික් නිලධාරීන් සඳහා අවශ්‍ය ප්‍රායෝගික සහ න්‍යායක දැනුම ලබාදීමයි.