විශ්‍රාමික රණවිරුවාගේ ආරාධනාව....

යුද්ධයෙන් තම පාද දෙකම අහිමිව ගොස් තිබෙන පළවෙනි ගජබා රෙජිමේන්තුවට අයත් සාජන් මේජර් ප්‍රියන්ත නම් රණවිරුවා දැනට කළුතර ප්‍රදේශයේ කාබනික ගොවිතැන සහ ඒ ආශ්‍රිත පොහොර නිෂ්පාදනය සිදු කරන අතර ඒ සඳහා සම්බන්ධවීමට අනෙකුත් විශ්‍රාමික සෙබලුන් හට සහ සමාජයට කරනා පොදු ආරාධනාවකි.. දයාබර රණවිරුවනි, රණවිරු පවුල්වල සාමාජිකයිනි,
ඔබ අප සැම දෙනා මේ රට වෙනුවෙන් මහගු සේවයක් සිදුකල පිරිසකි. අප පෙරකල සේවාවටම සමන සේවාවක් රටවෙනුවෙන් කිරිමට අපිට නැවත අවස්ථාවක් උදාවී ඇත.
අතිගරු ජනාධිපති තුමාගේ කාබනික ගොවිතැන නගාසිටුවිම අරමුණ කරගත් කාබනික පොහොර නිපදවිම සදහා රණවිරු පවුල් සම්බන්ද කරගැනිමට අදහස් කරගෙන ඇති බව දැන ගන්නට ලැබුනි. වසර ගණනාවකම සිට මම කාබනික පොහොර නිපදවා අලවිකරන අතර එමගින් අතිරේක ආදායමක් ලබාගන්නා රණවිරුවෙකි.
අඩු පිරිවැයකින් වැඩි ආදායමක් ලබාගැනිමට ඔබටද මේ සදහා එක්වන ලෙස ආරාධනා කර සිටිමි. පුර්ණ ආබාධිත රණවිරුවකු වන මම දණ හිසට පහලින් පාද දෙකම අහිමි රණ විරුවෙකු වෙමි . මට මෙසේ මහන්සි වී වැඩ කිරිමට හැකිනම්, ඔබට මටත් වඩා හොදට එය කාර්යක්ෂමව සිදුකළ හැකි බව මාගේ විස්වාසයයි.
විශ්‍රාමික සෙබල සාජන් මේජර් ප්‍රියන්ත පළවෙන ගජබා රෙජිමේන්තුව.
0776981731

click here for more details