කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරුවන් යොමු කිරීමෙහි ප්‍රගතිය සමාලෝචනය කෙරේ.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් වල සාමාජිකයන් ගේ දායකත්වය ලබා ගනිමින් ජාතික හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් සම්බන්ධ කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් වෙනුවෙන් මූලික
සාකච්ඡා වටයක් මීට ඉහත දී පවත්වන ලද අතර, එහි ප්‍රගතිය සමාලෝචනය කරමින් ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සැලසුම් කිරීමෙහි සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ දී පවත්වන ලදී.
මෙහිදී හතළිස් හත් දහසකට ආසන්න රණවිරු සේවා අධිකාරියේ සේවා ලාභී පවුල් අතරින් මේ සඳහා උනන්දුවක් දක්වන සාමාජික පවුල් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය කෙටිකාලීනව දියත් කිරීමට සැලසුම් සකස් කරන ලදී.
මෙහිදී දිස්ත්‍රික්ක වශයෙන් අවධානය යොමු කරමින් මෙහි මූලික තාක්ෂණික හා දැනුවත් කිරීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ දී නුදුරේදි දී පැවැත්වීමට තීරණය කරන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභි පවුල් වල දිවයිනේ ප්‍රධාන පළාත් 7ක දැනට ජීවත්ව සිටින රණවිරුවන් 500කට ආසන්න ප්‍රමාණයක් වාණිජමය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු කිරීම සඳහා වන මූලික සැලසුම් සාකච්ඡාවට භාජනය කරන ලද අතර මෙහි මීළඟ වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත සංවිධානය කරමින් මාතර ප්‍රදේශයේ දී පැවැත්වීමටද තීරණය කරගන්නා ලදී.
රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිණිය, අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න සහ හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිත, විජිත් වැලිකල මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද සහභාගි වන ලදී.