වැඩි ප්‍රතිලාභ සමඟින් නව පන්නයේ විරුසරු කාඩ් පතක්....

රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභීන් හට පිළිගන්වනු ලබන විරුසරු කාඩ් පත නව මුහුණුවරකින් වැඩි ප්‍රතිලාභ රණවිරුවාට හිමි ගැන්වෙන ආකාරයෙන් රණවිරු ප්‍රජාව ඉලක්ක කර ගනිමින් නැවත නිකුත් කිරීම සඳහා වන මූලික සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරිය යටතේ ක්‍රියාත්මක නාරාහේන්පිට පිහිටි සෙනෙහස අධ්‍යයන හා සම්පත් පර්යේෂණ කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පසුගියදා පවත්වන ලදී.

මෙහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට යටත්ව ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඉහළ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඉහළ ප්‍රතිලාභ රණවිරු ප්‍රජාව වෙත හිමි ගැන්විය හැකි නව මුහුණුවරකින් යුත් විරුසරු ඩෙබිට් කාඩ් පතක් රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභීන් හට හිමි ගැන්වීම අරමුණු කරගෙන මෙම සාකච්ඡාව පත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා රණවිරු සේවා අධිකාරියේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු මෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සුභ සාධක අධ්‍යක්ෂවරුන් ද සහභාගි වන ලදී.