විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක රණවිරු සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂක ලෙස රාජකාරී අරඹයි.
රණවිරු සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂක ලෙස මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා පත් කර ඇත. නව අධ්‍යක්ෂක තුමන් රණවිරු සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ධූරයේ වැඩ ඇරඹීම ඉතා චාම් අයුරින් 2021 ජූලි මස 19 වන සදුදා දිනයේ දී සිදුකරන ලදී.
මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) තම යුද හමුදා දිවිය තුළදී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීය භාවයත් දිනාගැනීම උදෙසා වූ වන්නි මානුෂීය ක්‍රියාන්විත මෙහෙයුමට දායකත්වය ලබාදෙමින් 58 වන සේනාංකයට අනුබද්ධිතව 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණියේ අණදෙන නිලධාරී වශයෙන් කුරිරු ත්‍රස්තවාදී උවදුරෙන් ශ්‍රී ලංකාද්වීපය මුදාගන්නා තුරු දායකත්වය නොඅඩුව ලබාදුන් කීර්තිමත් නිලධාරියෙකි.
යුධ හමුදාවේ සේවය කරන ලද කාලය තුළ ක්‍රියාන්විත හේතූන් මත මියගිය අතුරුදහන් ආබාධිත (විශ්‍රාමික) රණවිරුවන් සදහා නිවාස සහ යටිතල සහසුකම් ලබා දීම වෙනුවෙන් සුවිශේෂිදායකත්වයක් ද ලබා දී ඇති නිලධාරියෙකි.
යුද්දයේ වේදනාවන් හොඳින් හඳුනන මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා යුද ජයග්රහණයෙන් අනතුරුව ද දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාන්විත, පුහුණු ,පරිපාලන, භට කාර්ය සම්පාදනය සහ ක්‍රීඩා හා මාණ්ඩලික තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ජේෂ්ඨ නිලධාරියෙකු වන අතර මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු ද වේ.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක මහතා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට පෙර යුද්ධ හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්යක්ෂ ජෙනරල් වශයෙන්ද කටයුතු කරන ලදී.
රාජකාරී ඇරබීමෙන් අනතුරුව රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය ඇමතීමටද නව අධ්‍යක්ෂක තුමන් විසින් කටයුතු කරන ලදී.