2021 පළමු අඩ වසර සඳහා රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ.
2021 පළමු අඩ වසර සඳහා රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2021 ජූලි මස 26 වැනිදා රණවිරු සේවා අධිකාරියේ සාකච්ඡා ශාලාවේ දී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා උප සභාපතිනී සොනියා කෝට්ටේගොඩ මැතිණිය, අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කිත්සිරි ඒකනායක සහ පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ මහත්ම මහත්මීන් ඇතුළු මූල්‍ය සහ විගණන අංශ ප්‍රධානීන් ද සහභාගී විය.