ජර්මනියේ සිටින ශ්‍රී ලාංකිකයකුගෙන් රණවිරු සේවා අධිකාරියට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්....

රණවිරු සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක වරයකු වන බ්‍රිගේඩියර් විජිත් සුබසිංහ (විශ්‍රාමික) මහතා විසින් ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන අයිවර් වැන්කියුලන්බර්ග් මහතාගෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක මහින්ද සරණපාල මහතාගේ සම්බන්ධීකරණය සහ අනුග්‍රහය මත ජර්මනියේ සිට මෙරටට ගෙනා රුපියල් මිලියන 5 ක් පමණ වටිනා සෞඛ්‍යය උපකරණ තොගයක් නිල වශයෙන් ආරක්ෂක ලේකම් තුමන් වෙත බාරදීම 2021 ජූලි මස 29 වන දින ආරක්ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි සොනියා කෝට්ටේගොඩ මහත්මිය, කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතා සහ බ්‍රිගේඩියර් විජිත් සුභසිංහ (විශ්‍රාමික) මහතා ද සහභාගි විය.