රට දැය වෙනුවෙන් දිවි දුන් ඒ එම් එම් පී කේ ඒකනායක රණවිරුවාගේ ආදරණීය බිරිඳ වෙත ඉඩම් ප්‍රදානයක්

ධනසීලි කුමාරසිංහ මහත්මිය සහ පියසීලී කුමාරසිංහ මහත්මිය විසින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද ගම්පහ වතුමුල්ලේ පර්චස් 10.20 ක ඉඩම් කැබැල්ල ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී රට දැය වෙනුවෙන් දිවි දුන් සෙ/ 5ඊ 02469 ලා/කෝ ඒ එම්එම් පී කේ ඒකනායක රණවිරුවාගේ ආදරණීය බිරිඳ වන ඩි ඩි එස් කේ ප්‍රනාන්දු මහත්මිය වෙත 2020 ජනවාරි මස 13 වන දින රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රා) ඩි එස් එන් කේ සේනාධීර මහතා විසින් තාවකාලික බලපත්‍රයක් මගින් ප්‍රදානය කරන ලදී.