රණවිරු සේවා අධිකාරියෙන් ගාල්ලට ජංගම සේවයක්

ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු රණවිරු සංසද නිලධාරින් හා සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් රණවිරුවන් ගේ සහ රණවිරු පවුල්වල ළඟම ඥාතීන්ගේ තත්කාලීන ගැටලු සඳහා කෙටි කාලීන විසදුම් සහ දීර්ඝ කාලීන විසදුම් ලබා දීම පිණිස ජංගම සේවයක් 2020 ජනවාරි 14 වන දින පවත්වන ලදී. මේ සඳහා රණවිරු සේවා අධිකාරියේ වත්මන් සභාපති මේජර් ජෙනරල් (විශ්‍රා) ඩිඑස්එන්කේ සේනාධීර ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩියු ඇතුලු කාර්යය මණ්ඩලය සහභාගී වෙන ලදී. මෙහිදී සංසද සාමාජිකයන් 150 දෙනෙකුගේ සහභාගීත්වයක් දැකිය හැකි විය.