අමරණීය සොල්දාදුවන් 32 (32 Immortal Soldiers) කෘතීයේ කතෘ ආදායම රණවිරු සේවා අධිකාරියට පරිත්‍යාග කෙරේ....

ප්‍රවීණ බැංකුකරුවකු සහ වෘත්තීය ගණකාධිකාරිවරයෙකු වන ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රචිත අමරණීය සොල්දාදුවන් 32 (32 Immortal Soldiers) කෘති 1500 ක් අලෙවියෙන් 2021 වර්ෂය තුළ දී ලද රු 67500.00 ක කතෘ ආදායම රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් හට නිළ වශයෙන් පරිත්‍යාග කිරීම 2021 ඔක්තෝබර් මස 12 වන අගහාරුවාදා දින අධිකාරි පරිශ්‍රය තුල දී සිදු කරන ලදී.

මෙහි ප්‍රථම අදියර වශයෙන් සිංහල කෘති මුද්‍රණය කරන ලද අතර එහි ඉංග්‍රීසි පරිවර්තනය අද දින නිකුත් කරන ලදී.

ඉංග්‍රීසි පරිවර්තනයේ මුල් පිටපත රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් වන මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) වෙත නිල වශයෙන් පිළිගැන්වීම ද මෙහිදී සිදු කරන ලදී.

මින් ඉදිරියට මෙම පොත් අලෙවියෙන් ලැබෙන කතෘ ආදායමද මේ ආකාරයෙන්ම රණවිරු පවුල්වල සුබසාධනය උදෙසා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පොල්වත්ත මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

වෘත්තියෙන් ප්‍රවීණ බැංකු කරුවකු සහ වරලත් ගණකාධිකාරවරයෙකු වන ප්‍රසාද් පොල්වත්ත මහතා ලේක්හවුස් ආයතනයේ ගණකාධිකාරීවරයෙකු ලෙස රාජකාරි කරන කාලය තුළදී මාධ්‍ය කලාවට යොමු වී ඇත. අවසන් මානුෂීය මෙහෙයුම පවතින කාලය තුළ රණවිරුවන් විසින් සිදුකරන ලද අප්‍රමාණ කැපකිරීම් නිසා ඇති වූ දැඩි උනන්දුව සහ උත්සාහයක් මත මෙම කෘතිය එළිදැක්වීම සඳහා වන මූලික සිතුවිලි පහළ වී ඇත.