රණවිරු පවුල්වල දූ දරුවන්ගේ අධ්‍යාපනයට සබරගමු ආණ්ඩුකාර තුමන්ගේ දායකත්වය....

කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරු පවුල්වල දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීමේ අරමුණින් පොත් කට්ටල බෙදා දීමේ සමාජ සත්කාර වැඩ සටහනක් පසුගිය දා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රදානත්වයෙන් කෑගල්ලේ දී පැවැත්විණි.

සබරගමු ආණ්ඩුකාර කාර්යාල බල ප්‍රදේශයට අයත් රඹුක්කන, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, අරණායක, දෙහිඕවිට, වරකාපොල, මාවනැල්ල ප්‍රදේශයන්හි ක්‍රියාත්මක රණවිරු සංසද සාමාජික රණවිරුවන්ගේ දූ දරුවන්ට ප්‍රදානය කිරීම සදහා රණවිරු සේවා අධිකාරිය යටතේ ක්‍රියාත්මක රණවිරු සංසද නියෝජිතයන්ට මෙම පොත් කට්ටල ලබා දීම සිදු විය.

මෙහිදී රණවිරු පවුල්වල දරුවන් අතරේ බෙදා දීම සඳහා පොත් කට්ටල 231 ක් සංසද නිලධාරීන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට කෑගල්ල සහකාර පළාත් පාලන කොමසාරිස් එල්.එම්.පී.ඩබ්ලිව්. බණ්ඩාර මහතා ද, රණවිරු සේවා අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.