2021 වසර තුළ රණවිරු පවුල් 49 කට සෙත සැලසූ රණවිරු දිරිය ණය ව්‍යාපෘතිය….
රණවිරුවන් දේශීය ආර්ථිකයට දායකත්වයක් සපයන පිරිසක් මෙන්ම ස්වාධීන මූල්‍ය ස්ථායිතාවකින් යුත් කුටුම්භයක් නිර්මාණය කිරීම සඳහා රණවිරු සේවා අධිකාරිය පසුගිය කාලය තුළ කටයුතු කොට ඇත.
ක්‍රියාන්විත රාජකාරියේදි ත්‍රස්තවාදී ප්‍රහාර වලට ලක්ව දිවිපිදූ රණවිරුවන්ගේ ලගම ඥාතීන් සහ ක්‍රියාන්විත රාජකාරියේදී ත්‍රස්ථවාදී ප්‍රරහාරවලට ලක්ව ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරමින් ශක්තිමත් තිරසර ආර්ථිකයක් කරා යොමු කිරීම පෙර දැරි කර ගනිමින් මෙම ස්වයං රැකියා ණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි .
ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හා පොලීසිය යන සන්නද්ධ හමුදාවල ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරි කරමින් සිටියදී ත්‍රස්තවාදී ප්රහාරයන්ට ලක්ව දිවිපිදූ රණවිරුවන්ගේ අසරණ භාවයට පත් ලගම ඥාතීන්ගේ සහ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරි කරමින් සිටියදී ත්‍රස්තවාදී ප්රහාරයන්ට ලක්ව ආබාධිත තත්වයට පත්වු ආබාධිත විශ්‍රාමික රණවිරුවන් ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ප්‍රයෝජනයට ගනිමින් ස්වයං රැකියා හා කෘෂිකර්මාන්තය සදහා ණය ලබා දීම අරමුණු කරගනිමින් මෙම රණවිරු දිරිය ණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඵමගින් ඔවුන්ගේ ආර්ථික ගැටලු අවම කර ගනිමින් ශක්තිමත්ව ජීවිතය ට මුහුණ දීමේ හැකියාව ලැබී ඇත.
මෙම ණය ව්‍යාපෘතිය සඳහා ප්‍රථිලාභීන් තෝරා ගැනීමේදී ආබාධිත රණවිරුවන්, දිවිපිදු රණවිරුවන්ගේ ලගම ඥාතීන් (විවාහක රණවිරුවන්ගේ බිරින්දෑවරුන්/අවිවාහක රණවිරුවන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්) සහ එක් රණවිරුවෙක් වෙනුවෙන් එක් ප්‍රතිලාභයක් පමණක් හිමි ගැන්වීමට කටයුතු කෙරේ.
රණවිරු දිරිය ණය ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලැබීමට නම් ප්‍රථිලාභියා හට දැනට වැටුප් හිමිවිය යුතුයි (ඉදිරියට වැටුප් හිමිවිමට වයස 55 සපිරීමට කාලය තිබිය යුතුයි ). රණවිරු දිරිය ණය ලබා දෙන උපරිම වයස සීමාව අවු. 55 ක් වන අතර රණවිරුවාගේ දෙමව්පියන් ණය මුදල ඉල්ලුම් කරන්නේ නම් ණය ඉල්ලුම් කරන දිනට උපරිම වයස අවු.65 ක් ඉක්ම නොවිය යුතුය.
මෙම ව්‍යාපෘතියේ දී ඵක් අයකුට උපරිමය රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් ලබා ගත හැකි අතර වාර්ෂික පොලී ප්‍රතිශතය 5% කි. මෙහි මාසික වාරික ගෙවීම සදහා අවු.05 ක උපරිම කාලයක් ලබාදී ඇති අතර ණය මුදල ලබා දීම සිදු කරනු ලබන්නේ වාරික දෙකකිනි.