ඕකේවල රණවිරු සංසදයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් ....
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති රණවිරු සේවා අධිකාරියට අනුබද්ධිත සබරගමුව පළාතේ ඕකේවල රණවිරු සංසදය මගින් දිවයිනට ඉමහත් තර්ජනයක් වී ඇති මාරාන්තික ඩෙංගු රෝගය මැඩපවත්වන්නට ඩෙංගු මර්ධන කාලීන වැඩසටහනක් සංවිධානය කර තිබිණ. 2020 ජනවාරි 17 වන දින පෙ.ව 9.00 ඕකේවල පුරාණ විහාරස්ථානයේදී මෙම වැඩ සටහන පවත්වන ලදී. අපිරිසිදු පරිසරය හරහා ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති මෙම ව්‍යසනය සඳහා රට දැය රකින උරුමකරුවන් වන රණවිරුවන් හා රණවිරු පවුල් මැදිහත්ව කටයුතු කිරීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ සඳහා සංසදයේ බොහෝ සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වය ලද බව ඕකේවල රණවිරු සංසදය පවසයි.