රණවිරු අනුස්මරණ වන වගාව කරුවලගස්වැවදී ඇරඹේ..
මවුබිමේ නිදහස වෙනුවෙන් තම උත්තරීතර ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරනු වස් "සෑම රණවිරුවෙක් සදහාම ගසක්" යන සංකල්පය යටතේ වනජීවි හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සංවිධාන ශක්තියෙන් රණවිරු සේවා අධිකාරියේ සම්බන්ධීකරණය මත ත්‍රිවිධ හමුදාව හා ඒකාබද්ධව පැළ 26000ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පුත්තලම් දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉපලෝගම රක්ෂිතයේදී සිදු කරන ලදී.
මෙම රණවිරු අනුස්මරණ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාව 2021.10.23 වන සෙනසුරාදා දින වනජීවි හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
මෙහිදී දේශයේ නිදහස උදෙසා ක්‍රියාන්විතයේදී දිවිපිදූ පුත්තලම දිස්ත්‍රික්කයේ රණවිරු පවුල් 25ක ළඟම ඥාතීන් මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සංකේතාත්මකව සහභාගි වන ලදී.
මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව රණවිරු සංසදය නියෝජනය කරමින් රණවිරු පවුල් වල ළඟම ඥාතීන් සම්බන්ධ කරවීම රණවිරු සේවා අධිකාරියේ සම්බන්ධීකරණයෙන් යුතුව සිදු කරන ලදී.
පුත්තලම දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින්, ත්‍රිවිධ හමුදා නිළධාරින්, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරින් සහ මියගිය වීරෝධාර රණවිරුවන්ගේ දෙමාපියන් බිරින්දෑවරුන් සහ දරුවන් සහභාගී වන ලදී.