2021 වසර සදහා රණවිරු සේවා අධිකාරියේ කෘත්‍රිම පාද සැකසීමේ ව්‍යාපෘතියේ එක් වැඩසටහනක් සබරගමුවට....

රණවිරු සේවා අධිකාරියේ කෘත්‍රිම පාද සැකසීමේ ව්‍යාපෘතිය මගින් කෘත්‍රිම පාද සැකසීම සදහා අවැසි මිනුම් ලබා ගැනීමේ වැඩසටහනක් 2021 ඔක්තෝබර් මස 26 වන දින රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත් වන ලදී.
රණවිරු සේවා අධිකාරිය සහ ශක්ති ආයතනය සම්බන්ධීකරණයෙන් පැවති මෙම වැඩසටහන සදහා සබරගමුව සහ ඌව පළාත් නියෝජනය කරමින් රණවිරුවන් 35 දෙනෙකු සහභාගී වන ලදී.
මෙම වැඩසටහන් වල අරමුණ වන්නේ මෙතෙක් තම අවශ්‍යතා සඳහා කොළඹට පැමිණීමට සිදු වූ රණවිරුවන් මුහුණ දෙන අපහසුතා සලකා බලා එම වැඩසටහන් ඔවුන් ආසන්නතම පළාත වෙත ගෙන යාමයි. මෙහිදී රණවිරු සේවා අධිකාරියේ අපේක්ෂාව වන්නේ පළාත් මට්ටමින් සිටින රණවිරුවන් හට ඔවුන් ජීවත්වන පළාතේ දී මෙම සේවාවන් සැපයීමයි.
දිවයිනේ අනෙකුත් පළාත් ආවරණය වන පරිදි ඉදිරි දින කිහිපය තුළදී මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රණවිරු සේවා අධිකාරිය සැලසුම් කොට ඇත.
සබරගමුව පළාත් නිලධාරී රෝහණ විජේරත්න, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී, ගයාන් විජේවික්‍රම සහ බදුල්ල දිස්ත්‍රික් නිලධාරී දර්ශන ජයසිංහ ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුද රණවිරු සංසද නියෝජිතයන්ද මෙම වැඩසටහන සඳහා සහභාගි වන ලදී.
සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බැකඩුව මහතා ද රත්නපුරයේ පළාත් කාර්යාලයේ පැවති වැඩසටහන නිරීක්ෂණය සඳහා පැමිණෙන ලදී.