රණවිරු සේවා අධිකාරියෙන් ව්‍යවසායකත්ව අත්වැලක්

මාතලේ දිස්ත්‍රික්කයේ,රත්තොට රණවිරු සංසදය නියෝජනය කරනු ලබන ක්‍රියාන්විතයේදී අබාධිත තත්වයට පත් වූ ක්‍රෝප්‍රල් විජය කුමාරසිංහ රණවිරුවාගේ කිතුල් ආශ්‍රිත නව නිෂ්පාදන අළෙවිසැල හා හෙළ බොජුන් හළ විවෘත කිරීමේ සමාරම්භක උත්සවය රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායකගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් මස 01 වන දින සිදු විය.

සෙ/301757 කෝප්‍රල් කුමාරසිංහ W.G.W, 3 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අනුයුක්තව යාපනේ තෙලෙප්පලයි ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද චන්ඩමාරැත ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී 1992.05.29 වන දින පීඩන බෝම්බයකට ලක්ව තුවාල සිදුව වම් පාදයේ දණහිසට පහලින් ඉවත් කර ඇති රණවිරුවෙකි.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී රණවිරු සේවා අධිකාරියේ ස්වයං රැකියා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනකි.

මෙම සමාරම්භක අවස්ථාව සදහා රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති, U G T කුමාරසේන තෙන්නකෝන්, රත්තොට ප්‍රාදේශීය ලේකම්, H M දිනිප්‍රිය, සමූපකාර කොමිෂන් සභා සභාපති,
T D ජයතිස්ස ඇතුළු ආරාධිතයන් කිහිප දෙනෙකු සහභාගී වන ලදී.