රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා සහායක උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ, කෘත්‍රිම පාද සැකසීමේ තවත් එක් වැඩසටහනක් මධ්‍යම පළාතට

වර්ෂ 2021 සදහා කෘත්‍රිම පාද ඉල්ලීම් කරන ලද රණවිරුවන්ගේ කෘත්‍රිම පාද සැකසීම සදහා මිනුම් ලබා ගැනීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාල පරිශ්‍රයේ දී 2021 ඔක්තෝබර් මස 28 වන දින පවත්වන ලදී.

මෙම වැඩසටහනේ දී මහනුවර , මාතලේ, නුවරඑළිය ,අම්පාර, බදුල්ල , මොණරාගල දිස්ත්‍රික්කයන්හි පදිංචි රණවිරුවන් තිස්දෙනකුගේ මිනුම් ලබා ගන්නා ලදී.

පසුගිය වසරේ දී රණවිරුවන්ගේ නිවෙස වෙත ම ගොස් සහායක උපකරණ ලබාදීමට කටයුතු කළ රණවිරු සේවා අධිකාරිය, මෙවර පළාත් මට්මටින් මෙවැනි වැඩසටහන් පැවැත්වීමේ අරමුණ වන්නේ රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය හා දුරබැහැර ගමනාගමනය නිසා රණවිරුවන් පත්වන අපහසුතා මගහැර , මෙම වැඩසටහන් ඔවුන්ගේ පදිංචියට ආසන්නතම පළාත වෙත ගෙන යාමයි.

දිවයිනේ අනෙකුත් පළාත් ආවරණය වන පරිදි කෘත්‍රිම පාද සැකසීම සදහා මිනුම් ලබා ගැනීමේ වැඩසටහන් තුනක් දකුණු පළාත,වයඹ සහ සබරගමුව පළාත් තුළ දී පවත්වා ඇත. ඉදිරි දින කිහිපය තුළදී උතුරු මැද පළාත සහ බස්නාහිර පළාත ආවරණය වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පුනරුත්ථාපන හා පසුඋවටැන් අංශය සැලසුම් කොට ඇත.

රණවිරු සේවා අධිකාරීයේ මූල්‍ය දායකත්වයෙන් ශක්ති ආයතනයේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සදහා රණවිරු සේවා අධිකාරියේ මධ්‍ය පළාත් නියොජ්‍ය අධ්‍යක්ෂක W.D හේමචන්ද්‍ර මහතා, නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී අජන්තා හේරත් මෙනවිය සහ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී තනුජා දර්ශනි මහත්මිය සහභාගි විය.