මී මැසි පාලනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අම්පාරට....

රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ සංවිධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍රගත කරමින් සංවිධානය කරන ලද මී මැසි පාලනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021 නොවැම්බර් මස 03 වන දින අම්පාර නවගම්පුර රණවිරු ගම්මානයෙහි ප්‍රජා ශාලාවේදී  පවත්වන ලදී.

මී මැසි පාලනය සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමේ මෙම විශේෂ වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රණවිරු සාමාජිකයන් 30ක් පමණ සහභාගී විය.

  මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය දේශණ සහාය ලබා දීම බිගු සම්පත් සුරකීමේ ආයතනයෙහි පුහුණු දේශක තුෂාර මහින්ද  මහතා විසින් සිදු කරන ලදී.

   ප්‍රායෝගික පුහුණුවකින් අනතුරුව මී මැසි පාලනය සඳහා අවශ්‍ය උපකරණ රණවිරුවන් අතර බෙදා දෙනු ලැබීය.

  එම අවස්ථාව සදහා දේශීය කෘෂි අපනයන දෙපාර්තමේන්තුවේ නිලධාරී සුනෙත් හර්ෂණ, රණවිරු සුභසාදන අංශයෙහි ව්‍යාපෘති සහකාර විජේවර්ධන මහතා හා අම්පාර දිස්ත්‍රික්කයෙහි දැනට මී මැසි පාලන ව්‍යාපෘති සිදු කරන ජයතිස්ස මහතා ද සම්පත් දායකයෙකු වශයෙන් සම්බන්ධ වන ලදී.