රත්නපුර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් 76 ට ආබාධිත උපකරණ ලබා දෙයි.

රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික ආබාධිත උපකරණ ලබා දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පසුගියදා පවත්වන ලදී.
මෙම වැඩසටහනේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් 76 දෙනෙකු සඳහා ආබාධිත උපකරණ ලබා දීම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායකගේ සහභාගිත්වයෙන් සඹරගමුව පළාත් සභා කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.
පැමිණ සිටි රණවිරුවන් අමතමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත්වීම මත 2021 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරිය වෙත වෙන් කරන ලද ප්‍රතිපාදන තුලින් මෙම ආබාධිත උපකරණ මිලදී ගෙන ඇති බව උත්සවයට සහභාගී වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, තිස් වසරක කුරිරු යුද්ධය හේතුවෙන් මියගිය රණවිරුවන්ගේ පවුල් සහ ආබාධිත වූවන් වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය යටතේ සුවිශේෂි කාර්යභාරයන් රැසක් සිදු කර ඇතැයි ද පැවසීය.
මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ විජේරත්න, රත්නපුර දිස්ත්‍රික් රණවිරු සේවා නිලධාරී ගයාන් විජේවික්‍රම යන මහත්වරුන් එක්ව සිටියහ.