මාතර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් 59 ට ආබාධිත උපකරණ ලබා දෙයි.
රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික ආබාධිත උපකරණ ලබා දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පසුගියදා පවත්වන ලදී.
මෙම වැඩසටහනේ දී මාතර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් 59 දෙනෙකු සඳහා ආබාධිත උපකරණ ලබා දීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරි එච් එල් සී ශිරාන් මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සදහා රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක,අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් , සහකාර දිස්ත්‍රික් ලේකම් වරුන්,ප්‍රදාන ගිණුම් නිළධාරි සහ දිස්ත්‍රික්කයේ රණවිරුවන් ඇතුළු පිරිසක් එක්විය.
තවද මෙම අවස්ථාවට සම්බන්ධ වීමට අපහසු රණවිරුවන් සදහා ඔවුන්ගේ නිවෙස්වලට ගොස් මෙම උපකරන බෙදාදීමද මේදිනවල ක්‍රියාත්මක වේ.