රණක්ෂිතයට පත් හම්බන්තොට දිස්ත්රික්කයේ රණවිරුවන් හට ආබාධිත උපකරණ ලබා දෙයි.
රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ආබාධිත උපකරණ ලබා දීමේ වැඩසටහන් මාලාවේ හම්බන්තොට දිස්ත්රික් වැඩසටහන පසුගියදා හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී පවත්වන ලදී.
මෙහිදී හම්බන්තොට දිස්ත්රික්කය තුළ ජීවත් වන රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ ලබා දීම.
හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් කේ.පී.ජී.සුමිත් ශාන්ත මහතා(ඉඩම් ) සහ හම්බන්තොට සහකාර දිස්ත්රික් ලේකම් කේ.චන්දිමා මහත්මියගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ හම්බන්තොට දිස්ත්රික් වැඩසටහන් නිළධාරි ජේ.ජී.චාලක නුවන් මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා දිස්ත්රික්කයේ රණවිරු සංසද නියෝජනය කරමින් රණවිරුවන් පිරිසක් එක්විය.