ගාල්ල දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ ලබා දෙයි.
රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික ආබාධිත උපකරණ ලබා දීමේ වැඩසටහන් මාලාවේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.
රණවිරු සේවා අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනි නෙලුම් කුමාරි මහත්මිය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සදහා රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරමින් විශ්‍රාමික රණවිරුවන් පිරිසක් එක්විය.