විද්‍යුත් ආරෝපිත යතුරුපැදි ලබාදෙයි

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව සාම්ප්‍රදායික පුනරුත්තාපන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් විද්‍යුත් ක්‍රියාකාරී රෝදපුටුවක් වෙනුවට, රණවිරුවාගේ ඉපැයීමේ ශක්තිය හීනවීමේ ප්‍රතිශතය හා ප්‍රමුඛතා නිර්ණායක පදනම් කර ගනිමින් දෑත යොදාගනිමින් ක්‍රියාත්මක කල හැකි විද්‍යුත් ආරෝපිත යතුරු පැදි 05ක් විශේෂ අවශ්‍යතා ඇති රණවිරුවන් තෝරා ගනිමින් ඔවුන් වෙත ලබාදීම සඳහා අදාල දිස්ත්‍රික්ක ලෙස යොමු කරන ලදී.

මොනරාගල, රත්නපුර, මාතර දිස්ත්‍රික්කය සඳහා එක් රෝද පුටුවක් බැඟින් ද හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා රෝද පුටු දෙකක් වන ලෙසින් ද මෙම විශේෂ විද්‍යුත් ආරෝපණ රෝදපුටු බෙදා දීම සිදු කරන ලදී.