අනුරපුරටත් ජංගම සේවයක් .........

“සෞභාග්‍යමත් දේශයක් තනනු” වස් නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් දිවි දී කටයුතු කළ රණවිරුවන්ගේ ගැටලු විසදීම නව රජයේ අතිගරු ජනාධිපතිතුමාගේ මූලික අරමුණකි. එකී අරමුණ සාක්ෂාත් කරනු වස් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් ( විශ්‍රාමික) නන්දන සේනාධීර ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මැතිතුමාගේ මූලික සංකල්පයක් වන දිස්ත්‍රික් රණවිරු සංසද හමුවේ තෙවන අදියර ලෙස උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද 22 ක් සහ කැකිරාව, රඹෑව, ගන්නොරුව ගම්මාන 03 ක රණවිරු පවුල් සහ සංසද නිලධාරින් ප්‍රමුඛ සාමාජිකයින්ගේ වර්තමාන ගැටලු සම්බන්ධයෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසදුම් ලබා දීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට ජංගම සේවයක් හා සුහද හමුවක් දියත් කෙරිණ. සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැත්වූ මෙම ජංගම සේවය සහ සුහද හමුව සඳහා සංසද සාමාජිකයින් 200ක ගේ පමණ සහභාගීත්වයක් දැකිය හැකි විය.පළාත් ඉඩම් කොමසාරිස් තුමා සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරි මහත්ම මහත්මින් මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ලද අතර රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා, අධ්‍යක්ෂතුමා ඇතුලු නිලධාරි මණ්ඩලයද විශාල කැප කිරීමකින් රණවිරු කටයුතුවල නිරත වූහ.