දකුණු පළාතේ රණවිරු ගැටළු සොයා බැලීම සඳහා හදිසි නිරීක්ෂණ චාරිකාවක්

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් කාර්යාල වලින් රණවිරුවන් වෙත සැපයෙන සේවාවන් පිළිබඳ සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් විසින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගිය දා සිදු කරන ලදී.

මෙහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් විසින් දකුණු පළාත් රණවිරු ගැටළු පිළිබඳ සාකච්ජා කරන ලදී.