මහනුවර දිස්ත්රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ ලබා දෙයි.
රණවිරු සේවා අධිකාරිය විසින් ක්රියාත්මක කරනු ලබන වාර්ෂික ආබාධිත උපකරණ ලබා දීමේ වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්රික් වැඩසටහන පසුගියදා මහනුවර පළාත් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
මෙහිදී මහනුවර දිස්ත්රික්කයේ දැනට ජීවත්ව සිටින ආබාධිත විශ්රාමික රණවිරුවන් 37දෙනෙකු සහ රණවිරු මවක් සදහා රෝදපුටු 20 ක්, කොමඩ් පුටු 16 ක්, කිහිලිකරු යුගල් 03ක් සහ අත්වාරු යුගලක් බෙදා දෙන ලදී.