ආබාධිත සහයක උපකරණ මාතලේ දිස්ත්රික්කයට
මාතලේ දිස්ත්රික්කය නියෝජනය කරන විශ්රාමික ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ආබාධිත සහයක උපකරණ ලබා දීමේ වැඩසටහන පසුගිය දා පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ මාතලේ දිස්ත්රික්ක වැඩසටහන් නිලධාරී තනූජා දර්ශනී මහත්මියගේ සංවිධානයෙන් සූදානම් කරන ලද මෙම වැඩසටහන සඳහා රාජ්ය නිලධාරීන් සහ රණවිරු සංසද නියෝජනය කරමින් රණවිරුවන් සහභාගී වන ලදී.