පැරා ඔලිම්පික් සිහින දකින රණවිරු සේවා අධිකාරියේ Badminton සංචිතය 69 වන ජාතික Badminton තරගාවලියේ (para) තරඟවලදී ජයග්‍රහණ කිහිපයක් අත්පත් කරගනී.

පසුගිය දින කිහිපය තුළ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැති 69 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ප්‍රථම වරට සංවිධානය කරන ලද (Para) ආබාධිත බැඩ්මින්ටන් තරගාවලියේ SU5/SL4 කේවල,යුගල තරගාවලි සඳහා රණවිරු සේවා අධිකාරි බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගී වන ලදී.
මෙහිදී රණවිරු සේවා ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුනු H.T ගිහාන් ක්‍රිෂාන්ත SU5 කේවල කාණ්ඩයේ ශූරතාවය සහ D ප්‍රනාන්දු අනුශූරතාවය ලබා ගන්නා ලදී .
SL4 කේවල කාණ්ඩය යටතේ තරග වැදුණු GR චන්දිමාල් විසින් අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.
මෙහි (SU5/SL4 )යුගල තරග වල දී රණවිරු සේවා අධිකාරියේ Badminton සංචිතය නියෝජනය කළ ක්‍රිෂාන්ත සහ චන්දිමාල් විසින් යුගල ශුරතාවය දිනා ගන්නා ලදී. මෙම අවස්ථාව වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායම් භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන සහභාගි වන ලදී .