කොළඹ දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත සහයක උපකරණ සහ ක්‍රීඩා උපකරණ ලබා දෙයි.
රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික ආබාධිත සහයක උපකරණ ලබා දීමේ වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන විශ්‍රාමික රක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත සහයක උපකරණ බෙදා දීම පසුගිය දා සිදු කරන ලදි.
මෙම අවස්ථාවට සහභාගි වූ රණවිරුවන් සඳහා අවශ්‍ය ආබාධිත සහයක උපකරණ ලබා දීම රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ දී පවත්වන ලදී.
කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි රණවිරු සංසද තුල ක්‍රියාත්මක ක්‍රීඩා සමාජ සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ බෙදා දීමක්ද මෙහිදී සිදුවිය.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක, සභාපතිතුමාගේ පෞද්ගලික සහකාර, පළාත් සහ දිස්ත්‍රික් නිලධාරීන්, ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සහභාගි වන ලදී.