රණවිරු මාලන් දාබරේගෙන් වස විසෙන් තොර වූ ආහාරපාන හා අත්කම් ව්‍යාපෘතියක්…
මාතෘ භූමියේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් උදෙසා ක්‍රියාන්විත රාජකාරියේ සිටියදී තම ශරීරාංග පුද කළ සෙ/16Q00142 බළලත් නිලධාරි 11 මලිත් මාලන් දාබරේ රණවිරුවා විසින් රණවිරු සහය ඇතිව වස විසෙන් තොර ආහාර පාන නිෂ්පාදන ව්‍යාපෘතියක් හා අත්කම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. වස විසෙන් තොර වූ කාබනිකමය කොටස් හා ශාක සාරයන් යොදා ගනිමින් ස්වාභාවික වූ නව නිපැයුම් කිහිපයක් සහ ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් අත්කම් භාණ්ඩ වර්ග කිහිපයක් ඔවුන් විසින් වෙළඳ පොළ වෙත හඳුන්වා දී ඇත. රණවිරු මාලන් රණවිරු සේවා අධිකාරිය වෙත පැමිණ සිය නව ආහාර ව්‍යාපෘතිය පිළිබඳව හා අත්කම් භාණ්ඩ ව්‍යාපෘතිය පිළිබදව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා සහ අධ්යක්ෂ තුමා දැනුම්වත් කළ අතර එය ඔවුන්ගේ ඉමහත් ඇගයීමට ලක් විය.
රට දැය සුරැකීමට දිරියෙන් යුද කළ රණවිරු මලිත් ඇතුලු රණවිරුවන්, දිරියෙන් සිය දිවිය සරි කර ගැනීමට සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර සඳහා පහත සඳහන් ඔහුගේ ලිපිනයට හෝ දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලා සිටිමු.
ලිපිනය- අංක 125,පිය ගඟ දකුණ ඉවුර, තලාව.
දුරකථන අංක- 0718344983, 0705960783