ආබාධිත සහයක උපකරණ කළුතර දිස්ත්‍රික්කයට ලබා දෙයි

කළුතර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා ආබාධිත සහයක උපකරණ බෙදා දීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය දිනවල කලුතර,මතුගම , වලල්ලාවිට , මිල්ලනිය ,අගලවත්ත , බුලත්සිංහල , බේරුවල, දොඩම්ගොඩ ,බණ්ඩාරගම රණවිරු සංසද සාමාජිකයන් ආවරණය කරමින් සිදු කරන ලදී.
කළුතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී ගයේෂි ලක්ෂිකා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන් සඳහා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්තුමන්, රණවිරු සංසද නිලධාරී මහත්ම මහත්මීන් සම්බන්ධ වන ලදී.