මාතර රණවිරුවන්ගේ නිවෙස් වෙතටම ගොස් ආබාධිත සහයක උපකරණ ලබා දෙයි
මාතර දිස්ත්‍රික්කයේ පූර්ණ ආබාධිත රණවිරුවන් සදහා යතුරුපැදි ලබාදීම සහ සහය උපකරණ ලබාදීම රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ආර් කේ ශාන්තසිරි මහතාගේ සහ එච්.එල්. සී ශිරාන් මාතර දිස්ත්‍රික් නිලධාරිගේ සහභාගිත්වයෙන් පසුගිය දින කිහිපය පුරා සිදු කරන ලදී.
එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පූර්ණ ආබාධිත රණවිරුවන්ගේ අවශ්‍යතාවයන් සොයාබැලීම සදහා රණවිරුවන්ගේ නිවෙස් වෙත ගොස් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමද මෙහිදී සිදුවිය.