ත්රිකුණාමලය දිස්ත්රික්කයේ රණවිරු පවුල් තිස් තුනක් සඳහා නිවාස ආධාර හිමිගැන්වේ
රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ප්රමාදව තිබූ නිවාස අධාර ලබාදීමේ වැඩසටහන, නිවාස සංවර්ධන අධ්කාරිය හා සම්බන්ධ වී කන්තලේ,තබලගමුව,මොරවැව,ගොමරන්කඩවල සංසදයන්හි ප්රතිලාභී පවුල් 33දෙනෙකු සදහා ලකෂ 55ක් වටිනා චෙක්පත් ප්රධානය කිරීමක් දෙසැම්බර් මස 22 වන දින ත්රිකුණාමලය දිසාපති කර්යාල ශ්රවණාගාරයේදී පැවැත්විය.
මේ සදහා පාර්ලිමේන්තු මන්ත්රී කපිල අතුකෝරළ මහතා,ත්රිකුණාමලය දිස්ත්රික් අතිරේක දිසාපති, එස්.අරුල් රාජ් මහතා සහ නිවාස සංවර්ධන අධ්කාරියේ දිස්ත්රික් කළමණාකාරු, ආර්.එම්.එස්.හේමකුමාර සහ රණවිරු සේවා අධිකාරියේ ත්රිකුණාමලය දිස්ත්රික්ක නිලධාරී, චමත් අනූපම ලියනගේ යන මහත්වරුන් සහභාගී විය.
මෙම හමුවෙන් පසුව ක්රියාන්විතයේදි මියගිය හා ආබාධිත විශ්රාමික රණවිරුවන්ගේ ඉඩම් පිළිබඳ ගැටලු සාකච්ඡාවට භාජනය ගන්නා ලදි.