ආබාධිත සහයක උපකරණ අනුරාධපුරයට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම, තලාව, රාජාංගනය, නොච්චියාගම, ගල්නෑව, ගල්නෑව රණවිරු ගම්මානය සහ පලාගල රණවිරු සංසදයන්වල රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා ආබාදිත සහායක උපකරණ බෙදා දීම පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී, ෂොනාලි නානායක්කාරගේ ආරාධනයෙන් අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.