රත්නපුරයේ ජංගම සේවය.........
රණවිරු සේවා අධිකාරිය මගින් 2020 වසරේ වැඩසටහන් සැලසුම අරමුණු කර ගනිමින්, ලංකාව පුරා පිහිටුවා ඇති රණවිරු සංසදයන්වල ගැටලු සොයා බලා ඊට කඩිනම් පිළියම් යෙදීම පිණිස සංවිධානය කරන්නා වූ රණවිරු ජංගම සේවා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පෙබරවාරි මස 07 වන දින රත්නපුර කුරුවිට ගැමුණු හේවා බලකා කඳවුරේදී පවත්වන ලදී .
රණවිරු සංසද නිලධාරින් හා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල ළඟම ඥාතීන්ගේ තත්කාලීන ගැටලු සම්බන්ධයෙන් කෙටි කාලීන හා දිර්ඝ කාලීන විසඳුම් ලබා දීම පිණිස පවත්වන ලද මෙම ජංගම සේවයට රණවිරුවන් හා රණවිරු පවුල්වල ළඟම ඥාතීන් 150 කගේ පමණ සහභාගීත්වයක් දැක ගත හැකි විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්රා) නන්දන සේනාධීර මහතා ඇතුලු කාර්යය මණ්ඩලය මෙන්ම රාජ්ය ආයතන ගණනාවක නිලධාරින් මෙම ජංගම සේවයට සහභාගී වී රණවිරු ප්රජාවගේ ගැටලු විසදීමට සක්රීයව මැදිහත් වන ලදී.