තවත් ආබාධිත සහයක උපකරණ කට්ටලයක් රත්නපුරට

රත්නපුර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා ආබාධිත සහයක උපකරණ බෙදා දීමේ තවත් වැඩසටහනක් පසුගිය දා සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වන ලදී.
මෙහිදී සබරගමු පළාත් ආණ්ඩුකාරවර ගරු ටිකිරි කොබ්බැකඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමඩ් පුටු 15 ක් රෝදපුටු 9 ක් සහ විද්දුත් ආරෝපිත යතුරු පැදියක් රණවිරුවන් වෙනුවෙන් ලබාදෙන ලදී.
පළාත් නිලධාරී රෝහණ විජේරත්න සහ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී පී ආර් ජී විජයවික්‍රම, රාජ්‍ය නිලධාරීන් සහ රණවිරු සංසද සාමාජිකයන් කිහිපදෙනෙක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.