ආබාධිත සහයක උපකරණ හම්බන්තොටට
හම්බන්තොට දිස්ත්රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත සහයක උපකරණ ලබා දීමේ තවත් වැඩසටහන් කිහිපයක් කටුවන, වීරකැටිය සහ අම්බලන්තොට රණවිරු සංසදවල සාමාජිකයන් ආවරණය කරමින් පසුගිය දිනයන්හිදී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ හම්බන්තොට දිස්ත්රික් වැඩසටහන් නිලධාරී, චාලක නුවන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී.