පදියතලාව සංසදයේ රණවිරු ගැටලු සාකච්ඡා කෙරේ
අම්පාර දිස්ත්රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත සහයක උපකරණ බෙදාදීමේ තවත් අදියරක් පදියතලාව රණවිරු සංසදයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් 2021 දෙසැම්බර් මස 27 වන දින පදියතලාව විහාරස්ථානයේදී පවත්වන ලදී.
මීට සමගාමීව අම්පාර දිස්ත්රික් වැඩසටහන් නිළධාරිනී තරනි නිවන්තිකාගේ ප්රධානත්වයෙන් පදියතලාව සංසද රැස්වීම ද පවත්වනු ලැබූ අතර එහිදී රණක්ෂිතයට පත් රණවිරුවන් අතරේ අත්වාරු යුගල් 7ක් සහ කොමඩ් පුටු 2ක් බෙදා දීම සිදු කරන ලදී.