විශ්රාම වැටුප් ක්රියා පිළිවෙත පිළිබඳ දැනුවත් කිරීමෙන් විශේෂ වැඩසටහනක් කළුතරට...
කළුතර දිස්ත්රික්කයේ රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් විශ්රාම වැටුප් පිළිවෙත හා එහි ප්රතිලාභයන් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 29 වෙනිදා මතුගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
කළුතර දිස්ත්රික්කයේ මතුගම සංසදයේ රණවිරු සාමාජිකයන්ගේ ඉල්ලීමකට ප්රතිචාර දක්වමින් කළුතර දිස්ත්රික් වැඩසටහන් නිළධාරිනි ගයේෂි ලක්ෂිකා විසින් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ දී වැටුප් හා දීමනා හිමි ගැන්වීමේ ක්රියාපිළිවෙත, විශ්රාම වැටුප් සැකසෙන විධික්රමය සහ එම ක්රියා පිළිවෙත පිලිබඳව රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් හට පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී.
රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත මෙම විශේෂ දේශනය සඳහා යුද හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික සැරයන් මඩවල A.E සහභාගී වන ලදී.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා මතුගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්රාම වැටුප් නිලධාරීනි හා මතුගම සංසද සාමාජිකයන්, කළුතර දිස්ත්රික්කයේ අනෙකුත් රණවිරු සංසදවල නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.