නව වසරේ රාජකාරි කටයුතු ඇරඹෙයි...
රණවිරු සේවා අධිකාරියේ නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරැඹීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් 2022 ජනවාරි මස 03 වන සදුදා දින සංවිධානය කරන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීම, අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීම සහ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ දී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් විසින් සහ අධ්‍යක්ෂක තුමන් විසින් නව වසර සඳහා අපේක්ෂිත ඉලක්කයන් සහ පසුගිය වසරේ සිදු කරන ලද කාර්යයන් පිළිබඳව ඇගයීමක් සිදු කරන ලදී.
මෙහි දී යුද හමුදා රෝහලේ වසංගත රෝග අංශයේ වෛද්‍යවරයෙකුගේ සහභාගිත්වයෙන් කොරෝනා රෝගයේ වර්ධනය සහ එය මැඩපැවැත්වීම, එන්නත්කරණය හා එහි සාර්ථකත්වය, ඩෙංගු රෝගය සහ එහි ව්‍යාප්තිය වළක්වා ගැනීම ආදී කරුණු පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.