2022 වර්ෂය සඳහා රාජකාරි කටයුතු ඇරඹීම වෙනූවෙන් රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දීම...

රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව/ දිවුරුම
දෙදහස් විසි දෙක වර්ෂයේ රාජකාරි අරඹන පළමු වැනි දිනය වන අද දින,ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, ලක් වැසි ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරන නව වසරක සමාරම්භය සනිටුහන් කරයි.
අදින් ඇරඹෙන නව වසරේ එකම රටක්,
එකම දැයක් තුළ, එක කොඩියක සෙවණේ එක්සත්ව හා එක්සිත්ව විකසිත වන සුරක්ෂිත වූ අපගේ මාතෘ භූමිය තුළ රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරි කරගත් විනයගරුක,
නීතිගරුක, ගුණ ගරුක සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීමට ද තිරසර පරිසර කළමණාකරණය මුල් කොටගත් භෞතික සම්පත් සංවර්ධනය තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීමටද නූතන තාක්ෂණයෙන් සන්නද්ධ සශ්‍රික මානව සම්පත මෙහෙයවන පිරිසිදු රාජ්‍ය පාලනයක කොටස්කරුවෙකු වන මම,
මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙකු ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහි ලා මා වෙත පැවරෙන්නා වු කාර්යභාරය
කාර්යක්ෂමව,
සඵලදායීව,
තිර අදිටනින් යුතුව,
උපරිම කැපවීමෙන්,
අවංකභාවයන්,
මහජනතාවට පක්ෂපාතීව සපුරා ඉටු කරන බවට ප්‍රතිඥා දෙමි/දිව්රුම් දෙමි.