දිස්ත්‍රික් නිලධාරීන් මුහුණපාන පරිපාලන ගැටලු අධ්‍යයනය කෙරේ

රණවිරු සේවා අධිකාරියේ දිවයින පුරා විසිරී සිටින දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන් දෛනිකව රාජකාරීන් ඉටු කිරීමේදී ප්‍රායෝගිකව මුහුණ පාන පරිපාලන ගැටලු හඳුනාගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් සාකච්ඡාවක් 2022 ජනවාරි මස 03 වනදා රණවිරු සේවා අධිකාරියේ දී පවත්වන ලදී.
මෙහිදී දිවයින පුරා විහිදී සිටින දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන් ප්‍රායෝගිකව මුහුණ පාන පරිපාලනමය ගැටලු පිළිබඳ අධ්‍යනය කොට ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් සාකච්ඡා කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා පළාත් සහ පුනරුත්ථාපන අංශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ ඇතුළු දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන් සහභාගි වන ලදී.