වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ ප්‍රායෝගික වැඩමුළුවේ දෙවන අදියර සාර්ථකව අවසන් වෙයි...
රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන අංශ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂික සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කිරීම පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර 2022 ජනවාරි මස 4 වන අගහාරුවාදා රණවිරු සේවා අධිකාරියේ දී සංවිධානය කරන ලදී.
මේ සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සමාජ විද්‍යා අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය විජයන්ත උක්වත්ත මහතා සම්පත් දායකයෙකු වශයෙන් සහභාගී වෙමින් හරවත් දේශනයන් ඉදිරිපත් කරන ලදී. මීට ප්‍රථමයෙන් පැවැත්වූ පළමු වැඩ සටහන තුලදී සිදුකරන ලද සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳ යළි විමර්ශනය කිරීම සහ සැලසුම් සකස් කිරීමේදි ඇතිවන ප්‍රායෝගික ගැටලු පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරන ලදී. අංශ ප්‍රධානීන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් හරවත් සහ ප්‍රායෝගිකව භාවිතයට ගත හැකි ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරිය විසින් 2022 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් සහ වාර්ෂික සැලසුම් සකස් කිරීමේදී සිදු කළ යුතු න්‍යායාත්මක සහ ප්‍රායෝගික භාවිතාවන් පිළිබඳ දැනුම හුවමාරු කර ගන්නා ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ උපදෙස් මත සංවිධානය කළ මෙම එක් දින විශේෂ පුහුණු වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ වැඩසටහන් නිලධාරීන් සහභාගී වන ලදී.