විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතියෙන් කඩුවෙල රණවිරු බිරිඳකට නිවසක්...
විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතියේ පූර්ණ නිවාස ආධාර යටතේ තෝරා ගත් ක්‍රියාන්විත හේතුන් මත දිවිපිදූ රණවිරු ආර්.ටී .ඩී.ස්වර්ණසිංහ රණවිරුවාගේ බිරිඳ වන බිමල්කා රොෂානි මහවෙදගේ මහත්මිය වෙත සම්පූර්ණයෙන් නිම කරන ලද නිවසක් පරිත්‍යාග කිරීම දේශීය චාරිත්රයන්ට මුල්තැන දෙමින් රනාල පිහිටි ඇයගේ නිවසේ දී පවත්වනු ලැබීය.
රණවිරු සේවා අධිකාරියේ විරැ සුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ අංක 548/2 කැකිරිවල පාර, නවගමුව, රනාල, කඩුවෙල ලිපිනයෙහි ඉදිකල පූර්ණ නිවාසය ප්‍රතිලාභී රණවිරු බිරිඳ හට හිමි ගැන්වීම 2022 ජනවාරි මස 05 වැනි දා සිදු කරන ලදී.
මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් නියෝජනය කරමින් බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එම්.ඩී.ඩී.ෂෙල්ටන් මහත්මිය හා කොළඹ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී නයනි දාබරේ මහත්මිය සහභාගී වන ලදී.